glimpse

Thursday, December 27, 2012

වලා පට මත හිඳ ලියන වග නම්,




(පතුළ නොපෙනෙන අඳුරු හෙල් මුවට)
යෙහෙන් ඉහලින් මැනවින් කරන ලද 
සුමුදු සුදු වන් ඝන 
සේද වලා පට මත හිඳ 
හමනා සිහිල් මඳ පවනින් මන්මත්ව 
තුටින් පා තබනෙම් 
වැයෙනා සිහින් ගීත රාවෙට......

වලා පට විහිද ඇත ක්ෂිතිජ ඉම තෙක් දුරට 
ඉතින් මින් පිටවෙන්න තටු සොයන්නෙම් කුමට? 

.............................කාලය ගතවෙයි..............................................

අහා!
ඇයි මට මෙතෙක් නොදැනුනේ 
හමනා සිහිල් මඳ පවනට මුසුව 
දිනෙන් දින,
පැයෙන් පැය,
කෙමෙන් තුනී වී යන වග 
මා ඇලුම් කළ "මගේ"
සොඳුරු "ඝන" වලා පට? 
Posted by Harini Hapuarachchi at 5:09 AM 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tranquility

Monday, October 8, 2012

“I’m not a big, fat panda. I’m THE big, fat panda!”






Remember Kungfu Panda??? Where this big clumsy panda* Po, a crazy fan of Kungfu* was accidentally* chosen to fulfill an ancient prophecy ‘‘The legend of Dragon Warrior’’ by Oogway, 'the creator of Kungfu'…..?

Po was just another ordinary panda*, working in his father’s noodle restaurant......

He had a dream*…. that someday, he is gonna be a great kungfu fighter, but THIS, was way TOO FAST for him to bear!!! He never knew kungfu at all by the time of getting selected as the Dragon Warrior!*  

There he was, simply dreaming of kungfu, and just selling noodles…. and here he finds himself studying alongside his idols!!!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
The dragon scroll was the legendary scroll written by master Oogway. It contained the ultimate Kungfu secret-"the key to limitless power". 

Oogway declared that only the Dragon Warrior would be worthy enough to read it. According to legend, whoever read the Dragon scroll would be able to hear a butterfly's wing beat, to see the light in the darkest cave and would feel the universe in motion around them. 

Recall master Shifu saying,

"You are not the Dragon Warrior. You will never be the Dragon Warrior until you have learnt the secret of the Dragon Scroll." 

Po was handed over the scroll by Shifu. Po opens it up, with the utmost enthusiasm of finding the great secret of kungfu......just to see a shiny blank sheet of metal.........

.
.
.
.
.
.
.
On his way to help the villagers escape from Fierce Tai Lung, Po meets his dad and this dialogue follows;

                                PO'S DAD
                    Po, I think it's time I told you
                    something I should have told you a
                    long time ago...
          
                                PO
                    Okay.
          
          Dad pauses dramatically.
          
                              PO'S DAD
                    The secret ingredient of my secret
                    ingredient soup!
          
          Po feigns excitement.
          
                                PO
                    Oh.
          
                              PO'S DAD
                    C'mere! The secret ingredient is...
                    nothing!
          
                                PO
                    Huh?
          
                              PO'S DAD
                    You heard me. Nothing. There is no
                    secret ingredient!
          
                              PO
                    Wait wait....it's just plain old
                    noodle soup? You don't add some
                    kind of special sauce or somethin?
          
                              PO'S DAD
                    Don't have to. To make something
                    special, you just have to believe
                    it's special.
          
          Po looks at his father with dawning 
          realization. He picks up the Scroll.
          
          For a moment, Po stares at his reflection on the 
          scroll, then he smiles serenely. He gets it now.
          
          
                              PO
                    There is no secret ingredient...




















Sooooooo, that's all I have to say about THE big fat panda, you know the rest of the story. There's nothing special about the scroll, it's all about the warrior! The scroll will just reflect back whomsoever peeps on to it..................

may it be Po,


 may it be Tai lung...



And.... needless to say, no Tai Lung can grab the "limitless power" away from Po. It's simply Po himself!

In case you watch this awesome movie again, take a closer look at Po.

*CAN YOU SEE THE DRAGON WARRIOR IN YOU?????????

No dream is too big, just keep dreaming!
You may not be prepared at all when your opportunity springs up, be bold enough to grab it and keep going!!
There is no secret ingredient, it's just you!!!










(Refernces: Movie script and Kungfu Panda wiki)










Posted by Harini Hapuarachchi at 7:05 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

Thursday, October 4, 2012

............මල්..................



හවස බුදුන් වඳින්න හෙන්දිරික්කා මල් ටිකක් කඩාගෙන ආවා අද. මල් පහන් පූජා කරලා ඉවර වෙලා, පැත්තකින් ඉඳගෙන පැය කාලක් විතර ගාථා කිව්වා. ගාථා කියල ඉවර වෙලා ආයේ මලසුන දිහා බැලුවම අර ටිකකට කලින් පූජා කරපු මල් ටික මැලවිලා තියෙනවා දැක්කා. තාම සම්පුර්ණයෙන් පරවෙලා නෑ. ඒත් තිබ්බට වඩා මැලවිලා. මට අර කලින් මල් පූජා කරද්දී කිවුව ගාථාව මතක්වුනා පොඩි කාලෙ කියන තේරුම් කවියත් එක්ක. 

පැහැයත් සුවඳ ඇති - මේ මල් සොඳුරු පියකරු 
පුදමි බුදු සමිඳුට - සිරිපා පියුම් අබියස
මල් පිදූ කුසලෙන් - සැනහෙමි නිවන් සුවයෙන් 
පරව යන මල සේ - මාගේ කයත් වැනසේ..... 

ඒ කියන්නේ මේ මලට වෙන දේම මටත් වෙනවා කියන එක. ඒ පැය කාල ඇතුළත මාත් පැය කාලකින් මරණෙට ලං වුනානේ කියන එක මෙහෙම හිතුනෙ අද තමයි. ඕක අපට නිකන්ම නොහිතෙන බව දන්න නිසා තමයි මලසුනේ තිබ්බ මල දිහා බලලවත් ඒක තේරුම් ගන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ අපට කියන්න ඇත්තෙ.

බලාගෙන යනකොට ප්‍රශ්නෙ තියෙන්නෙ අපේම scope එකේ, අපේ පෘතග්ජන ඇහෙන් බලලා පෘතග්ජන මනසින් තනිවම තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයේ. නාම රූප දෙක ඇසට නොපෙනෙන තරම් වේගයකින් උපදිමින් බිඳෙමින් පවතින ප්‍රවාහයක් කියලා අභිධර්මයේ කියවෙනවනෙ. ඒත් උන්වහන්සේ බුදු ඇසින් දකින්නට ඇති විදිහෙ වාගේ : අපේ ශරීරයෙ අවයව වල මස් ලේ ඇතුලේ , පටක කොටස් ඇතුලෙ, ඒ කොටස් වල සෛල ඇතුලෙ, ඒ සෛල වල පරමාණු අතිශය වේගයෙන් කම්පනය වෙමින් මොහොතක් වත් එක විදියට නොපවතින හැටි අපට තනිවම හිතාගන්න බැරි නිසා තමයි, අපිව දිරාගෙන යන විදිය මල දිහා බලාගෙන කල්පනා කරන්න කියලා දෙන්න ඇත්තෙ. හරියට මතුපිටින් වෙන දේ කවුරුත් දන්න සරල විදියකට fast forward කරලා පෙන්නුවා වගේ. 

සංසාරෙට සාපේක්ෂව ජිවිත කාලේ සැලකුවත් ආයේ අර scope එකේ ප්‍රශ්නෙම තමයි එතනත් තියෙන්නෙ මට හිතෙන විදියට. පහුගිය භවවල වෙච්ච දේවල් මතක නෑ. ලබන භව වල වෙන්න යන දේවල් දන්නේ නෑ. බුදු ඇසින් දැකල කියපු දේවල් විශ්වාස නොකරන්න කරන කිසිම දේක ප්‍රතිඵලය  මොන වගේද කියල හරි හැගීමක් නෑ. කොටින්ම අපි කොහේ යනවද කියල අපිවත් දන්නෙ නෑ.

ලෝක විෂය සැලකුවත් ඉතින් එහෙමම තමයි. අපේ පරාසයට සාපේක්ෂව හිතල ඉවරකරන්න බැරි තරම් ඒ විෂයන් විශාලයි. සමහර කරුණු අපේ ඇසට අසු නොවෙන තරම් සියුම්, සමහර කරුණුගැන හොයාගෙන හොයාගෙන යනකොට, ලෝකේ ගැන හොයල ඉවර කරන්න හදන පුංචි කුඹියෙකුටත් වඩා අපි අසරණ වෙනවා. 

මේක ලියන එකේ අරමුණ වුනේ ඉගෙන ගන්න අධෛර්යමත් කිරීම නම් නෙවෙයි. විද්‍යාව ඉගෙන ගන්න අපිටත්, කොච්චර අකමැති වුනත්, සමහර දේවල් 'ඒක එහෙමයි' කියල දන්නා කෙනෙක් කිව්වම පිළිගන්න වෙනවා කියල මතක් කරන්නයි, අචින්ත්‍ය ලෝක විෂය 100%ක් පසිඳලීමට වඩා (යම් දුරකට දැනගන්න ඕනේ) තම විමුක්තිය සෙවීම වැදගත් බව අපිට බුදුහාමුදුරුවො කියල දුන්න බව මතක් කරගන්නයි, මතක් කරන්නයි තමයි ලිව්වෙ. තවම හරියට හය හතර නොතේරෙන මේ සංසාරේ පෘතග්ජන අපට 'අවබෝධ වුනා කියල හිතෙන' යම් දෙයක් ඇත්ද, මතක තියෙයි කියල හිතෙන යම් දෙයක් ඇත්ද, ඒ මතකයයි  අවබෝධයයි දෙකත් අනිත්‍යයි කියල මතක් වෙලා බය හිතුනු එකත් මේ ටික ලියල තියන්න තව හේතුවක් වුණා.


Posted by Harini Hapuarachchi at 10:10 AM 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tranquility

Tuesday, July 17, 2012

රන් ගොයමේ රන් එතනා

නිලඹර දිලෙන රන් රිවි රැස් දහර                                   වැද
රන් වන් කරල් සිප මදනල හමන                                   සඳ 
පීදෙන රන් ගොයම තාලෙට ලෙළෙන                          ලෙද
වැජඹෙන්නීය එතනා රන් ගොයම                                 මැද

නිසි පුළුලුකුල, සිහිනිඟ; ලෙළ පහන්                             සිල
සිසි වන උවන, රතදර මුතු දසන්                                 පෙළ 
දැක පිනිබර යමේ පිබිදුණු නෙළුම්                                 මල 
මැලවුණු බව ඇයට පැවසීය                                     මදනල 

සුසිනිඳු කොමල'තෙහි රතැඟිලි පහස                            දැනී
ලෙළදෙන රන් ගොයම මදහස සලන                         මෙනී
කැකුළක දිලෙන රිවි දුටු පිනි බිඳුව                              වැනී
ඇගෙ රන් ඩා බිඳක අගයද සුළඟ                                  දනී

නිලඳුන් ගෑ දිගු දිදුලන නෙත'ගින් රිවි රැස පරදන කැලුම්                              දෙවන්නී 
නීල වරල පිට මැදෙහි රුවාලා පීදෙන ගොයමට පවන්                                   සලන්නී 
ලෙළදෙන සිහිනිඟ සැලෙනා තාලෙට නියර මතින් ඇගෙ පාද                        තබන්නී 
මිහිබට සුර අඟනකගෙ  විලාසෙන් රන් එතනා රන් කෙත                           සරසන්නී 
Posted by Harini Hapuarachchi at 3:50 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Spellbound

Tuesday, July 10, 2012

……………අමුතු පදනම්……………..




පැන නැගෙත                             සැණෙකින්
එක් මුදු මොලොක්                           වදනින් 
බිතු නැගෙත                                    එමතින් 
'කපක' සිහිනෙන් නැණැස                වසමින්  


පිටු නො පවිතැ'යි                          පැතුවෙම් 
බිතු මත ඇඳුනු                                  සිතුවම් 
එද ලොව කෙලෙස                            අදහම් 
නැගෙන, නැතිවෙන සසල                 පදනම්?...

Posted by Harini Hapuarachchi at 11:26 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: haffoi, Life

Saturday, June 30, 2012

අයියෝ සල්ලි!


පැය, දින, සති, මාස                             ගණන් 

වතුර ඇදි මු  හති                                 දමමින් 
නෙතු බොඳ කර එක                   මොහොතින් 
කළය බිඳෙත පොලු                            පහරින් 
Posted by Harini Hapuarachchi at 11:46 AM 3 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: haffoi, Life

Monday, June 25, 2012

ඇගෙ ආලෝකය





ඔබෙ ඇකයට හඬමින් පිය නැගුවෙමි යන්තම් පය එසැවුණු      කාලේ  
මතකයි මා හිස අතගා සනහා දෙපයින් මා සිටැවූ                     තාලේ 
හෙමි හෙමිහිට ලොව එළිය දිටිමි මම පියමනිමින පසුකර         බාලේ 
ගුණ සිහිකර ඔබෙ නමට වඳිමි මම ඔබෙ උණුහුම මට නැති      වේලේ  

ඇය පෑ ආලෝකය ගෙන                         සුරතට 
ආ මුත් ඈ කී ලෙස ලොව                        දිනුමට 
දහක් දනන් නෙතු මැද තනි වූ                       විට 
විදු මවු මුදු සෙනෙහස සිහි වේ                      මට
Posted by Harini Hapuarachchi at 12:32 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

Tuesday, June 19, 2012

සසර ඉම අසබඩ






නිලඳුන් නොගැලී නෙතු නිලුපුල කැලුම්  දිදී
බිඟුසන් දුනු දියෙහි සැඩ හී සරින්  මිදී
පෙර මෙන් සසල නොව නෙතඟෙහි බැලුම් නොදී
අඩවන් වී නිමල ලොව්තුරු සුවය විඳී…..
පැහැදුල මුව කමල හල වියොවිනි  දුකිනී
කොකුමගරා සඳුන් තැන තැන තැවෙන  මෙනී
බඳුවද පැහැ දිමුත රත ලවනත  නිතිනි
හැරගිය සොවිනි හැම රස මසවුළු තැවිනි…..
නිල් දිය රැලි සදිසි මුදු දිගු කෙහෙරැල්ලේ
වැදි වැදි නිති රැඟූ මදනල  සිහිලැල්ලේ
ලද මුදු පහස මතු නැත යන සිතිවිල්ලේ
දස දෙස සොවිනි මුමුණන වැනි මැසිවිල්ලේ…..
කසවත සුමුදු බඳ වට දැවටුනාවේ
සඳවත රැසින් දස දෙස  බැබලුනාවේ
නල යුත සිහිල සියොළඟ  තැවරුනාවේ
සිත මෙත සකල සත වෙත  පැතිරුනාවේ…..
මුදු පා කමල යුග ගැටෙනා සඳ  පොළොවේ
රළු බව අතැර බිම තව තව සියුමැලිවේ
මිහිකත සනහ සනහා පියවර එසවේ
ඉඳුරන් නිවුණු සුපහන් සිත  කැඩපත වේ…..
තිනෙතට සසර බියකරු බව හසුවීද?
සියුමැලි සිතට බව දුක රුදු වැඩි වීද?
රුව සුදිලුනද කය අනියත වැටහීද?
පියමැන සසර ඉම අසබඩ  නැවතීද?…..
Posted by Harini Hapuarachchi at 2:04 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tranquility

The smooth criminal




Feeling o feeling..
Wherefore art thou so smooth?
Smooth…
So smooth….
But wherefore art thou so fierce when disturbed??
Alas, thou engulf faint souls!
Eat them up,
Get them into pieces….
So I’m trying hard…
To escape from thy grip, smooth criminal….
For thou might seem innocent…..
But thou might make me sigh,
Make me cry,
Might embrace me tight,
And burn me till  I die……..
Posted by Harini Hapuarachchi at 2:01 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

අකුරු තුනක්වත් ලියලා හැකිනම් එක කරදහියක් එවපන්නේ




නෙතග සැලෙන්නට නලියන කඳුලකි – කෙලෙස නුඹෙන් එය සඟවන්නේ?
නහර අරා නුඹේ දිවෙනා එඩියයි – සැලෙනු නොදී එය රඳවන්නේ
ම පෙව් රුහිරු කිරි සවිය ලබාමද – පුතුනි මෙසේ එඩිතර වන්නේ ?
ම පුතු ගියේ හෙළ දෙරණ රකින්නයි – කඳුල ඉතින් සැඟවී යන්නේ…….

මොළකැටි අත් පොඩි කුසුම් තබාලා – ළමැදේ උණුහුම සොයමින්නේ
නුඹ හිටි හැටි අද වාගේ මතකයි – කිරි සුවඳිනි මන නැහැවෙන්නේ
පෙර නුපුරුදු විලසින් සැරසීලා – ගිනි බටයක බර දරමින්නේ
සිටිනා කල නුඹේ අත නොරිදෙන්නෙද – මගෙ පොඩි පුතුනේ කියපන්නේ?

රුපුනොද සිඳ සිය රට දැය රැකුමට – පිය උතුමාණන් ගිය පාරේ
ගිලිහුණු අවියද ගෙන පිය නැගුමට – එළැඹුනු බව දැන තම වාරේ
පුත නුඹේ මුදු පය තැබුව දිනේ සිට – ගිනිගත් රළු රණ බිම් තීරේ
තබන තබන හැම පියවර ගානේ – හැම දෙවි රැකවරණය නෑරේ

උතුරු බිමේ යුද ගිනි නැගෙනා සඳ – ලිපගිනි ළමැදයි මෙලවෙන්නේ
අනේ මගේ පොඩි පුතුනේ කවදද – එගිනි නිවන්නට නුඹ එන්නේ?
පුතුනි නුඹේ සොඳ මුහුණ බලාලා – බත් දෙකටක් හෙම කවමින්නේ
නුඹේ මුවින් මා අමතනු ඇසුමට – සිත වෙහසෙයි මග බලමින්නේ…..

හිරු පායා විත් අරුණලු අරගෙන – කල්පයකට නැහැ බැස යන්නේ
රැයක් දවාලක් නොදැනෙයි පුතුනේ – නුඹේ රුවමයි මතකෙට එන්නේ
සවන පුරා නුඹේ හඬ රැව් දෙන සඳ – නැත මගෙ හදවත වාවන්නේ
අකුරු තුනක් වත් ලියලා හැකිනම් – එක කරදහීයක් එවපන්නේ……

Posted by Harini Hapuarachchi at 2:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

Please wait……!



Hey wait,
Please wait….
Have mercy upon me
Why do you run so fast?
You pulled the day away from my hands
And threw it on to the past……
Are all these untouched lengthy notes
Still unseen by you?
Can’t you please run other way round friend?
Just for a day or two…………
Posted by Harini Hapuarachchi at 1:50 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

ත්‍රිමාණ ලෝකෙක අපේ ප්‍රක්ෂිප්ත



අක්ෂීය ඒකතල බල විතරක් යෙදෙන..
ඉඳලා හිටලා ඝර්ෂණයක් තිබ්බත් ඒක තලය පුරා නියතව තියෙන
ඒකාකාරී දුස්රාවී බල ඇති ලස්සන අනාකුල දිය පාරවල් තියෙන
බාහිර ප්‍රතිරෝධී බල නැති ,
ගුරුත්වය යටතේ අපූරු නිදහස් චලිත තියෙන..
හරිම සුන්දර,
අපිටම “tailor – made” ලෝකෙක තමයි
අපි ඒ කාලෙ ජීවත් වුනේ…..

එත්  ඒ කාලෙ ඒකත් පෙනුනෙ
හරිම සංකීර්ණව…..

ඒ සුන්දර ලෝකෙන් මිදිලා
ඇත්ත ලෝකෙට අඩිය තිබ්බම තමයි තේරෙන්නෙ
ඇත්ත ලෝකෙ අක්ෂීය ඒකතල බල විතරක්ම යෙදෙන්නෙ නෑ කියලා…
ඝර්ෂණය ත්‍රිමාණ ඛණ්ඩාංක වල ශ්‍රිතයක් කියලා…
ලස්සනයි, අනාකුලයි කියලා හිතපු දිය පාරවල්
වෙලාවකට හරිම සැඩයි කියලා…
නිදහස් කියලා හිතපු චලිත වලට
හරිම සංකීර්ණ බාහිර ප්‍රතිරෝධී බල වලින්
බාධා ඇති වෙනවා කියලා…

එත් ඒ බාධක බොහොම ඉවසීමෙන් “analyse” කලොත්
බාහිර ප්‍රතිරෝධී බල මැද්දෙන්
අපේ ප්‍රක්ෂිප්ත පාලනය කරගන්න
අපිට බැරි වෙන එකක් නැහැ නේද?

Posted by Harini Hapuarachchi at 1:48 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

විස්මිත ගල් වඩුවාණෙනි




නිසසල හරිත වන පියසෙහි අරම                        මැද
මහ කළු ගලක පාමුල හිඳ ඇඳිලි                        බැඳ 
බැතිබර නෙතින දැහැනට සම වැදුන                   ලෙද
ඔබ ළෙහි වෙසෙන බුදු හිමි රුව                 නෙලනවද?

මෙත් දහරා ගලා යන අඩවන්                         නුවන 
කරුණාබර උවන ලොව සිහිලස                     දෙවන 
මහ කළු ගලක රළු බව අතරින්                       මවන 
විස්කම් දෙඅත සිප සනහයි මද                        පවන
  
සුරලොව වෙසෙන විස්කම් දිව පුතු              මෙන්නේ 
සිත දිරි බලය කැටි කොට ගත්             දෙඅතින්නේ 
දන මන සනසවන සුදසුන්                     මවමින්නේ 
කෙලෙසද නිසල කළු ගලකට පණ               දුන්නේ?

බුදු නුවනින් ගලන කරුණා                        දහරාවේ 
බැතිබර වූ ඔබේ සිත කමලම                        නෑවේ
එසිතෙහි රැව් දෙනා සම්බුදු ගුණ                      රාවේ 
අනුහස් මහිමයෙනි ඔබ විස්කම්                      පෑවේ

කළු ගල් කුළක දැඩි බව රළු පරළු                     බව 
ඔබ'තින් මැඩිනි ලැබදී මටසිලිටි                         රුව 
බැතිබර ඔබ දෙඅත අබියස මෙලක                  නොව 
කළු ගලකට පවා හිඳිනට නොහැක                    තව………………. 

Posted by Harini Hapuarachchi at 1:33 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tranquility

.................නිලඹර කෙළින සුරඟන කැළ සිහිලැල්ලේ ...... නිරතුරු සිටිති වන ලොව ගැන සිතිවිල්ලේ .................


දිමුතු කනක කැට මැද සිට සිනහ                                සලා
නිසල නිශා කල තුන්යම එකලු                                  කලා
හරිත වනය මත සඳ දිය දහර                                       ගලා
දසත රිදී වන් වන දෙව් ලොවක්                                වෙලා

නිලඹර අරා නැගී තෙද ඇති තුරු පෙළ                           ය
මැඩ සඳ එලිය තුරු පෙළ’තර සෙවනැලි                          ය
අතු පතර’තර නිති රඳවන                                  සිලි සිලිය
දස දෙස දිවෙන සිහිලස රැඳි මදනල                                ය

නිසසල සුනිල දිය රැලි නගමින්                            සොලවා
මදනල මුමුණමින් සුමියුරු ගී                                  ගැයුවා
මදනල සසල තාලෙට සිහිනිග                                 නලවා
සුකොමල කුමුදුනිය නෙක රැඟුමන්                          රැඟුවා

පිපි වන මලිය මුව අග රැඳි හසරැලි                                  ය
නිල් දිය  රැලි ය, පෙණ පිඬු රැඳි දිය සුළි                          ය
මැඩ  දිය  සුලිය පිහිනා යන මන                           ලොලිය
සිතිවිලිවලිය තුටු කරවන මින් රැලි                                 ය

පිවිතුරු පහස විඳ විඳ මුදු නල                                රැල්ලේ
නිලඹර කෙළින සුරඟන කැල                         සිහිලැල්ලේ
‘සුරපුර මිහිමතට බටුයෙද?’                              සිතිවිල්ලේ
නිරතුරු සිටිති වන ලොව ගැන                         විමසිල්ලේ
Posted by Harini Hapuarachchi at 1:27 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Spellbound
Newer Posts Home
Subscribe to: Posts (Atom)

Counter - පිටු පෙරලුම් -

hit counters
hit counter

Blog Archive - ලියපුවා -

  • ►  2013 (1)
    • ►  April (1)
  • ▼  2012 (14)
    • ▼  December (1)
      • වලා පට මත හිඳ ලියන වග නම්,
    • ►  October (2)
      • “I’m not a big, fat panda. I’m THE big, fat panda!”
      • ............මල්..................
    • ►  July (2)
      • රන් ගොයමේ රන් එතනා
      • ……………අමුතු පදනම්……………..
    • ►  June (9)
      • අයියෝ සල්ලි!
      • ඇගෙ ආලෝකය
      • සසර ඉම අසබඩ
      • The smooth criminal
      • අකුරු තුනක්වත් ලියලා හැකිනම් එක කරදහියක් එවපන්නේ
      • Please wait……!
      • ත්‍රිමාණ ලෝකෙක අපේ ප්‍රක්ෂිප්ත
      • විස්මිත ගල් වඩුවාණෙනි
      • .................නිලඹර කෙළින සුරඟන කැළ සිහිලැල්ලේ ...

Followers - මිතුරන් -

Labels - ප්‍රවර්ග -

  • Life (9)
  • Tranquility (4)
  • Spellbound (2)
  • haffoi (2)

About Me - මා ගැන -

My photo
Harini Hapuarachchi
View my complete profile
Awesome Inc. theme. Theme images by sololos. Powered by Blogger.