ඔබෙ ඇකයට හඬමින් පිය නැගුවෙමි යන්තම් පය එසැවුණු කාලේ
මතකයි මා හිස අතගා සනහා දෙපයින් මා සිටැවූ තාලේ
හෙමි හෙමිහිට ලොව එළිය දිටිමි මම පියමනිමින පසුකර බාලේ
ගුණ සිහිකර ඔබෙ නමට වඳිමි මම ඔබෙ උණුහුම මට නැති
වේලේ
ඇය පෑ ආලෝකය ගෙන සුරතට
ආ මුත් ඈ කී ලෙස ලොව දිනුමට
දහක් දනන් නෙතු මැද තනි වූ විට
විදු මවු මුදු සෙනෙහස සිහි වේ මට
No comments:
Post a Comment