නෙතග සැලෙන්නට නලියන කඳුලකි – කෙලෙස නුඹෙන් එය සඟවන්නේ?
නහර අරා නුඹේ දිවෙනා එඩියයි – සැලෙනු නොදී එය රඳවන්නේ
ම පෙව් රුහිරු කිරි සවිය ලබාමද – පුතුනි මෙසේ එඩිතර වන්නේ ?
ම පුතු ගියේ හෙළ දෙරණ රකින්නයි – කඳුල ඉතින් සැඟවී යන්නේ…….

මොළකැටි අත් පොඩි කුසුම් තබාලා – ළමැදේ උණුහුම සොයමින්නේ
නුඹ හිටි හැටි අද වාගේ මතකයි – කිරි සුවඳිනි මන නැහැවෙන්නේ
පෙර නුපුරුදු විලසින් සැරසීලා – ගිනි බටයක බර දරමින්නේ
සිටිනා කල නුඹේ අත නොරිදෙන්නෙද – මගෙ පොඩි පුතුනේ කියපන්නේ?

රුපුනොද සිඳ සිය රට දැය රැකුමට – පිය උතුමාණන් ගිය පාරේ
ගිලිහුණු අවියද ගෙන පිය නැගුමට – එළැඹුනු බව දැන තම වාරේ
පුත නුඹේ මුදු පය තැබුව දිනේ සිට – ගිනිගත් රළු රණ බිම් තීරේ
තබන තබන හැම පියවර ගානේ – හැම දෙවි රැකවරණය නෑරේ

උතුරු බිමේ යුද ගිනි නැගෙනා සඳ – ලිපගිනි ළමැදයි මෙලවෙන්නේ
අනේ මගේ පොඩි පුතුනේ කවදද – එගිනි නිවන්නට නුඹ එන්නේ?
පුතුනි නුඹේ සොඳ මුහුණ බලාලා – බත් දෙකටක් හෙම කවමින්නේ
නුඹේ මුවින් මා අමතනු ඇසුමට – සිත වෙහසෙයි මග බලමින්නේ…..

හිරු පායා විත් අරුණලු අරගෙන – කල්පයකට නැහැ බැස යන්නේ
රැයක් දවාලක් නොදැනෙයි පුතුනේ – නුඹේ රුවමයි මතකෙට එන්නේ
සවන පුරා නුඹේ හඬ රැව් දෙන සඳ – නැත මගෙ හදවත වාවන්නේ
අකුරු තුනක් වත් ලියලා හැකිනම් – එක කරදහීයක් එවපන්නේ……

No comments:
Post a Comment