දිමුතු කනක කැට මැද සිට සිනහ සලා
නිසල නිශා කල තුන්යම එකලු කලා
හරිත වනය මත සඳ දිය දහර ගලා
දසත රිදී වන් වන දෙව් ලොවක් වෙලා
නිසල නිශා කල තුන්යම එකලු කලා
හරිත වනය මත සඳ දිය දහර ගලා
දසත රිදී වන් වන දෙව් ලොවක් වෙලා
නිලඹර අරා නැගී තෙද ඇති තුරු පෙළ ය
මැඩ සඳ එලිය තුරු පෙළ’තර සෙවනැලි ය
අතු පතර’තර නිති රඳවන සිලි සිලිය
දස දෙස දිවෙන සිහිලස රැඳි මදනල ය
මැඩ සඳ එලිය තුරු පෙළ’තර සෙවනැලි ය
අතු පතර’තර නිති රඳවන සිලි සිලිය
දස දෙස දිවෙන සිහිලස රැඳි මදනල ය
නිසසල සුනිල දිය රැලි නගමින් සොලවා
මදනල මුමුණමින් සුමියුරු ගී ගැයුවා
මදනල සසල තාලෙට සිහිනිග නලවා
සුකොමල කුමුදුනිය නෙක රැඟුමන් රැඟුවා
මදනල මුමුණමින් සුමියුරු ගී ගැයුවා
මදනල සසල තාලෙට සිහිනිග නලවා
සුකොමල කුමුදුනිය නෙක රැඟුමන් රැඟුවා
පිපි වන මලිය මුව අග රැඳි හසරැලි ය
නිල් දිය රැලි ය, පෙණ පිඬු රැඳි දිය සුළි ය
මැඩ දිය සුලිය පිහිනා යන මන ලොලිය
සිතිවිලිවලිය තුටු කරවන මින් රැලි ය
නිල් දිය රැලි ය, පෙණ පිඬු රැඳි දිය සුළි ය
මැඩ දිය සුලිය පිහිනා යන මන ලොලිය
සිතිවිලිවලිය තුටු කරවන මින් රැලි ය
පිවිතුරු පහස විඳ විඳ මුදු නල රැල්ලේ
නිලඹර කෙළින සුරඟන කැල සිහිලැල්ලේ
‘සුරපුර මිහිමතට බටුයෙද?’ සිතිවිල්ලේ
නිරතුරු සිටිති වන ලොව ගැන විමසිල්ලේ
නිලඹර කෙළින සුරඟන කැල සිහිලැල්ලේ
‘සුරපුර මිහිමතට බටුයෙද?’ සිතිවිල්ලේ
නිරතුරු සිටිති වන ලොව ගැන විමසිල්ලේ
No comments:
Post a Comment