රන් වන් කරල් සිප මදනල හමන සඳ
පීදෙන රන් ගොයම තාලෙට ලෙළෙන ලෙද
වැජඹෙන්නීය එතනා රන් ගොයම මැද
නිසි පුළුලුකුල, සිහිනිඟ; ලෙළ පහන් සිල
සිසි වන උවන, රතදර මුතු දසන් පෙළ
දැක පිනිබර යමේ පිබිදුණු නෙළුම් මල
මැලවුණු බව ඇයට පැවසීය මදනල
සුසිනිඳු කොමල'තෙහි රතැඟිලි පහස දැනී
ලෙළදෙන රන් ගොයම මදහස සලන මෙනී
කැකුළක දිලෙන රිවි දුටු පිනි බිඳුව වැනී
ඇගෙ රන් ඩා බිඳක අගයද සුළඟ දනී
නිලඳුන් ගෑ දිගු දිදුලන නෙත'ගින් රිවි රැස පරදන කැලුම් දෙවන්නී
නීල වරල පිට මැදෙහි රුවාලා පීදෙන ගොයමට පවන් සලන්නී
ලෙළදෙන සිහිනිඟ සැලෙනා තාලෙට නියර මතින් ඇගෙ පාද තබන්නී
මිහිබට සුර අඟනකගෙ විලාසෙන් රන් එතනා රන් කෙත සරසන්නී
No comments:
Post a Comment