glimpse

Saturday, June 30, 2012

අයියෝ සල්ලි!


පැය, දින, සති, මාස                             ගණන් 

වතුර ඇදි මු  හති                                 දමමින් 
නෙතු බොඳ කර එක                   මොහොතින් 
කළය බිඳෙත පොලු                            පහරින් 
Posted by Harini Hapuarachchi at 11:46 AM 3 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: haffoi, Life

Monday, June 25, 2012

ඇගෙ ආලෝකය





ඔබෙ ඇකයට හඬමින් පිය නැගුවෙමි යන්තම් පය එසැවුණු      කාලේ  
මතකයි මා හිස අතගා සනහා දෙපයින් මා සිටැවූ                     තාලේ 
හෙමි හෙමිහිට ලොව එළිය දිටිමි මම පියමනිමින පසුකර         බාලේ 
ගුණ සිහිකර ඔබෙ නමට වඳිමි මම ඔබෙ උණුහුම මට නැති      වේලේ  

ඇය පෑ ආලෝකය ගෙන                         සුරතට 
ආ මුත් ඈ කී ලෙස ලොව                        දිනුමට 
දහක් දනන් නෙතු මැද තනි වූ                       විට 
විදු මවු මුදු සෙනෙහස සිහි වේ                      මට
Posted by Harini Hapuarachchi at 12:32 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

Tuesday, June 19, 2012

සසර ඉම අසබඩ






නිලඳුන් නොගැලී නෙතු නිලුපුල කැලුම්  දිදී
බිඟුසන් දුනු දියෙහි සැඩ හී සරින්  මිදී
පෙර මෙන් සසල නොව නෙතඟෙහි බැලුම් නොදී
අඩවන් වී නිමල ලොව්තුරු සුවය විඳී…..
පැහැදුල මුව කමල හල වියොවිනි  දුකිනී
කොකුමගරා සඳුන් තැන තැන තැවෙන  මෙනී
බඳුවද පැහැ දිමුත රත ලවනත  නිතිනි
හැරගිය සොවිනි හැම රස මසවුළු තැවිනි…..
නිල් දිය රැලි සදිසි මුදු දිගු කෙහෙරැල්ලේ
වැදි වැදි නිති රැඟූ මදනල  සිහිලැල්ලේ
ලද මුදු පහස මතු නැත යන සිතිවිල්ලේ
දස දෙස සොවිනි මුමුණන වැනි මැසිවිල්ලේ…..
කසවත සුමුදු බඳ වට දැවටුනාවේ
සඳවත රැසින් දස දෙස  බැබලුනාවේ
නල යුත සිහිල සියොළඟ  තැවරුනාවේ
සිත මෙත සකල සත වෙත  පැතිරුනාවේ…..
මුදු පා කමල යුග ගැටෙනා සඳ  පොළොවේ
රළු බව අතැර බිම තව තව සියුමැලිවේ
මිහිකත සනහ සනහා පියවර එසවේ
ඉඳුරන් නිවුණු සුපහන් සිත  කැඩපත වේ…..
තිනෙතට සසර බියකරු බව හසුවීද?
සියුමැලි සිතට බව දුක රුදු වැඩි වීද?
රුව සුදිලුනද කය අනියත වැටහීද?
පියමැන සසර ඉම අසබඩ  නැවතීද?…..
Posted by Harini Hapuarachchi at 2:04 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tranquility

The smooth criminal




Feeling o feeling..
Wherefore art thou so smooth?
Smooth…
So smooth….
But wherefore art thou so fierce when disturbed??
Alas, thou engulf faint souls!
Eat them up,
Get them into pieces….
So I’m trying hard…
To escape from thy grip, smooth criminal….
For thou might seem innocent…..
But thou might make me sigh,
Make me cry,
Might embrace me tight,
And burn me till  I die……..
Posted by Harini Hapuarachchi at 2:01 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

අකුරු තුනක්වත් ලියලා හැකිනම් එක කරදහියක් එවපන්නේ




නෙතග සැලෙන්නට නලියන කඳුලකි – කෙලෙස නුඹෙන් එය සඟවන්නේ?
නහර අරා නුඹේ දිවෙනා එඩියයි – සැලෙනු නොදී එය රඳවන්නේ
ම පෙව් රුහිරු කිරි සවිය ලබාමද – පුතුනි මෙසේ එඩිතර වන්නේ ?
ම පුතු ගියේ හෙළ දෙරණ රකින්නයි – කඳුල ඉතින් සැඟවී යන්නේ…….

මොළකැටි අත් පොඩි කුසුම් තබාලා – ළමැදේ උණුහුම සොයමින්නේ
නුඹ හිටි හැටි අද වාගේ මතකයි – කිරි සුවඳිනි මන නැහැවෙන්නේ
පෙර නුපුරුදු විලසින් සැරසීලා – ගිනි බටයක බර දරමින්නේ
සිටිනා කල නුඹේ අත නොරිදෙන්නෙද – මගෙ පොඩි පුතුනේ කියපන්නේ?

රුපුනොද සිඳ සිය රට දැය රැකුමට – පිය උතුමාණන් ගිය පාරේ
ගිලිහුණු අවියද ගෙන පිය නැගුමට – එළැඹුනු බව දැන තම වාරේ
පුත නුඹේ මුදු පය තැබුව දිනේ සිට – ගිනිගත් රළු රණ බිම් තීරේ
තබන තබන හැම පියවර ගානේ – හැම දෙවි රැකවරණය නෑරේ

උතුරු බිමේ යුද ගිනි නැගෙනා සඳ – ලිපගිනි ළමැදයි මෙලවෙන්නේ
අනේ මගේ පොඩි පුතුනේ කවදද – එගිනි නිවන්නට නුඹ එන්නේ?
පුතුනි නුඹේ සොඳ මුහුණ බලාලා – බත් දෙකටක් හෙම කවමින්නේ
නුඹේ මුවින් මා අමතනු ඇසුමට – සිත වෙහසෙයි මග බලමින්නේ…..

හිරු පායා විත් අරුණලු අරගෙන – කල්පයකට නැහැ බැස යන්නේ
රැයක් දවාලක් නොදැනෙයි පුතුනේ – නුඹේ රුවමයි මතකෙට එන්නේ
සවන පුරා නුඹේ හඬ රැව් දෙන සඳ – නැත මගෙ හදවත වාවන්නේ
අකුරු තුනක් වත් ලියලා හැකිනම් – එක කරදහීයක් එවපන්නේ……

Posted by Harini Hapuarachchi at 2:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

Please wait……!



Hey wait,
Please wait….
Have mercy upon me
Why do you run so fast?
You pulled the day away from my hands
And threw it on to the past……
Are all these untouched lengthy notes
Still unseen by you?
Can’t you please run other way round friend?
Just for a day or two…………
Posted by Harini Hapuarachchi at 1:50 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

ත්‍රිමාණ ලෝකෙක අපේ ප්‍රක්ෂිප්ත



අක්ෂීය ඒකතල බල විතරක් යෙදෙන..
ඉඳලා හිටලා ඝර්ෂණයක් තිබ්බත් ඒක තලය පුරා නියතව තියෙන
ඒකාකාරී දුස්රාවී බල ඇති ලස්සන අනාකුල දිය පාරවල් තියෙන
බාහිර ප්‍රතිරෝධී බල නැති ,
ගුරුත්වය යටතේ අපූරු නිදහස් චලිත තියෙන..
හරිම සුන්දර,
අපිටම “tailor – made” ලෝකෙක තමයි
අපි ඒ කාලෙ ජීවත් වුනේ…..

එත්  ඒ කාලෙ ඒකත් පෙනුනෙ
හරිම සංකීර්ණව…..

ඒ සුන්දර ලෝකෙන් මිදිලා
ඇත්ත ලෝකෙට අඩිය තිබ්බම තමයි තේරෙන්නෙ
ඇත්ත ලෝකෙ අක්ෂීය ඒකතල බල විතරක්ම යෙදෙන්නෙ නෑ කියලා…
ඝර්ෂණය ත්‍රිමාණ ඛණ්ඩාංක වල ශ්‍රිතයක් කියලා…
ලස්සනයි, අනාකුලයි කියලා හිතපු දිය පාරවල්
වෙලාවකට හරිම සැඩයි කියලා…
නිදහස් කියලා හිතපු චලිත වලට
හරිම සංකීර්ණ බාහිර ප්‍රතිරෝධී බල වලින්
බාධා ඇති වෙනවා කියලා…

එත් ඒ බාධක බොහොම ඉවසීමෙන් “analyse” කලොත්
බාහිර ප්‍රතිරෝධී බල මැද්දෙන්
අපේ ප්‍රක්ෂිප්ත පාලනය කරගන්න
අපිට බැරි වෙන එකක් නැහැ නේද?

Posted by Harini Hapuarachchi at 1:48 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Life

විස්මිත ගල් වඩුවාණෙනි




නිසසල හරිත වන පියසෙහි අරම                        මැද
මහ කළු ගලක පාමුල හිඳ ඇඳිලි                        බැඳ 
බැතිබර නෙතින දැහැනට සම වැදුන                   ලෙද
ඔබ ළෙහි වෙසෙන බුදු හිමි රුව                 නෙලනවද?

මෙත් දහරා ගලා යන අඩවන්                         නුවන 
කරුණාබර උවන ලොව සිහිලස                     දෙවන 
මහ කළු ගලක රළු බව අතරින්                       මවන 
විස්කම් දෙඅත සිප සනහයි මද                        පවන
  
සුරලොව වෙසෙන විස්කම් දිව පුතු              මෙන්නේ 
සිත දිරි බලය කැටි කොට ගත්             දෙඅතින්නේ 
දන මන සනසවන සුදසුන්                     මවමින්නේ 
කෙලෙසද නිසල කළු ගලකට පණ               දුන්නේ?

බුදු නුවනින් ගලන කරුණා                        දහරාවේ 
බැතිබර වූ ඔබේ සිත කමලම                        නෑවේ
එසිතෙහි රැව් දෙනා සම්බුදු ගුණ                      රාවේ 
අනුහස් මහිමයෙනි ඔබ විස්කම්                      පෑවේ

කළු ගල් කුළක දැඩි බව රළු පරළු                     බව 
ඔබ'තින් මැඩිනි ලැබදී මටසිලිටි                         රුව 
බැතිබර ඔබ දෙඅත අබියස මෙලක                  නොව 
කළු ගලකට පවා හිඳිනට නොහැක                    තව………………. 

Posted by Harini Hapuarachchi at 1:33 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tranquility

.................නිලඹර කෙළින සුරඟන කැළ සිහිලැල්ලේ ...... නිරතුරු සිටිති වන ලොව ගැන සිතිවිල්ලේ .................


දිමුතු කනක කැට මැද සිට සිනහ                                සලා
නිසල නිශා කල තුන්යම එකලු                                  කලා
හරිත වනය මත සඳ දිය දහර                                       ගලා
දසත රිදී වන් වන දෙව් ලොවක්                                වෙලා

නිලඹර අරා නැගී තෙද ඇති තුරු පෙළ                           ය
මැඩ සඳ එලිය තුරු පෙළ’තර සෙවනැලි                          ය
අතු පතර’තර නිති රඳවන                                  සිලි සිලිය
දස දෙස දිවෙන සිහිලස රැඳි මදනල                                ය

නිසසල සුනිල දිය රැලි නගමින්                            සොලවා
මදනල මුමුණමින් සුමියුරු ගී                                  ගැයුවා
මදනල සසල තාලෙට සිහිනිග                                 නලවා
සුකොමල කුමුදුනිය නෙක රැඟුමන්                          රැඟුවා

පිපි වන මලිය මුව අග රැඳි හසරැලි                                  ය
නිල් දිය  රැලි ය, පෙණ පිඬු රැඳි දිය සුළි                          ය
මැඩ  දිය  සුලිය පිහිනා යන මන                           ලොලිය
සිතිවිලිවලිය තුටු කරවන මින් රැලි                                 ය

පිවිතුරු පහස විඳ විඳ මුදු නල                                රැල්ලේ
නිලඹර කෙළින සුරඟන කැල                         සිහිලැල්ලේ
‘සුරපුර මිහිමතට බටුයෙද?’                              සිතිවිල්ලේ
නිරතුරු සිටිති වන ලොව ගැන                         විමසිල්ලේ
Posted by Harini Hapuarachchi at 1:27 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Spellbound
Newer Posts Home
Subscribe to: Posts (Atom)

Counter - පිටු පෙරලුම් -

hit counters
hit counter

Blog Archive - ලියපුවා -

  • ►  2013 (1)
    • ►  April (1)
  • ▼  2012 (14)
    • ►  December (1)
    • ►  October (2)
    • ►  July (2)
    • ▼  June (9)
      • අයියෝ සල්ලි!
      • ඇගෙ ආලෝකය
      • සසර ඉම අසබඩ
      • The smooth criminal
      • අකුරු තුනක්වත් ලියලා හැකිනම් එක කරදහියක් එවපන්නේ
      • Please wait……!
      • ත්‍රිමාණ ලෝකෙක අපේ ප්‍රක්ෂිප්ත
      • විස්මිත ගල් වඩුවාණෙනි
      • .................නිලඹර කෙළින සුරඟන කැළ සිහිලැල්ලේ ...

Followers - මිතුරන් -

Labels - ප්‍රවර්ග -

  • Life (9)
  • Tranquility (4)
  • Spellbound (2)
  • haffoi (2)

About Me - මා ගැන -

My photo
Harini Hapuarachchi
View my complete profile
Awesome Inc. theme. Theme images by sololos. Powered by Blogger.